විදුහල්පති පණිවිඩය
එම්.ජී.සිරිවර්ධන
උගතුන්,බුද්ධිමතුන් රටට දායාද කරන්නා වූ ගම්ඉම බණ්ඩාරනායක විදු මාතාවගේ විදුහල්පති ලෙස පණිවිඩයන් නිකුත් කිරීමට ලැබීම භාග්‍යක් කොට සලකමි. අධ්‍යාපන දියුණුව යනු, සාක්ෂරතාව හෝ විභාගය සමත්වන ශිෂ්‍ය සංඛ්‍යාව මත රඳා පවතින්නක් නොවේ. ලෝකයේ තිරසාර සංවර්ධනය සඳහා ඵලඩායි ලෙස දායක වන සමාජීය හා ගෝලීය අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි මිනිසුන් බිහිකිරීම එහි පරමාර්ථයකි.
විද්‍යාලයේ සිසු කැලගෙ නිපුණතා හඳුනාගැනීමට අපට අවශ්‍යය. අපගේ කර්තව්‍ය වනුයේ "ගුණාත්මක බවින් විශිෂ්ටත්වට" පා තැබීම වන අතර අපගේ මෙහෙවර වන්නෙ ඒ සඳහා වේදිකාවක් සැපයීමකි. සාරවත් වූත් ශිෂ්‍ය කේන්ද්‍රීය වූත් විෂය මාලාවක් තුලින් ශිෂ්‍ය හැකියා හඳුනාගෙන එය වඩාත් ඔප නැංවීමට ගුණාත්මක උපදෙස්,මගපෙන්වීම් ලබා දෙන්නා වූ ගුරු භවතුන් මා ගෞරවයෙන් සිහිපත් කරමි එසේම ගම්ඉම විදු මවට අනන්‍ය වූ අනාගතයක්,තාක්ෂණික ලෝකයක් හරහා උකහා ගැනීමට අප විද්‍යාලීය වෙබ් කණ්ඩායමට අත්වේවා යි සුභාශිංෂණය කරමි.
එම්.ජී.සිරිවර්ධන
විදුහල්පති
මප/තෙල්/ගම්ඉම බණ්ඩාරණායක ම.වි. .





