විහිදා දස දෙස - නොමදා කිතු ගොස
විදුමව් වැඹේවා
බණ්ඩාරනායක විදුහලේ නාමය
දසදෙස රැවිදේවා //
සාහිත ලලිත කලා නෙක විලසින්
සිසු කැල සිප් සතරින් නිති පුබුදන
සෙංකඩගල පුර කිතු ගොස පතුරන
අප විදුහල් මාතා සැරදේ....//
විහිදා දස දෙස.....
ශිල්ප සතර දම් අමරස පොවමින්
නැණ ගුණ මෙත් සිසිලෙන් හද දනවන
ජීවිතයට මතු සෙත සලසාදෙන
අප විදුහල් මාතා සැරදේ...//
විහිදා දස දෙස.....





