ගම්ඉම බණ්ඩාරනායක මහා විද්‍යාලය

නව 1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් වීම

slide 1.png
slide 1.png

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

අරුණ ජයසේකර

වසර 80ක ප්‍රෞඩ ඉතිහාසයක් උරුම කම් කියමින් දුම්බර මිටියාවතේ විරාජමාන ගමිඉම බණ්ඩාරනායක විද්‍යාලය තවත් ඉදිරි පියවරක් තබමින් ,පාසල නිවැරදි දිශානතියට යොමු කිරීමට , පාසල  මගින් නිර්මාණය කළ නිළ වෙබ් අඩවිය ඔබ සැමට පිළිගන්වමු .21වන ශතවර්ශයේ තාක්ෂණික ප්‍රගතිය සමග අපගේ පාසලේ දරුවන් ඉදිරියට මග පෙන්වන්නට සුදානම් වන අතර මෙම වෙබ් අඩවිය ඒ සදහා දැක්මක් වේ.

මෙම නව නිළ වෙබ් අඩවිය අපගේ පාසලේ ඉතිහාසය අධ්‍යාපනය සැලසුම් සහ සන්නිවේදන ක්‍රම වල නාමාවලියකි .එය අපහේ ශිෂ්‍යන් ,ගුරුමණ්ඩලය හා දෙමාපියන් අතර වැඩි සම්බන්දතාවයක් හා දෙමාපියන් අතර සම්බන්ධතාවයක් හා පහසු සන්නිවීදනයක් නිර්මාණය කිරීමට සමත්ය .පාසලේ දියුණුවට සනිටුවහන් කරන මෙවැනි අවස්ථාවන් පිළිබද මම සම විටම ආඩම්බර වෙමි. මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට දායක වූ සියලු පාර්ශවයන්ට මම හර්දයාංගම ස්තුතිය පලකරමි .

අභිභාවයෙන් ආරම්භ කළ මේ ව්‍යාපෘතිය සාර්ථකව පවත්වාගෙන යාමට අපි සැම කැප වී ක්‍රියා කරමු .නව පාසල් වෙබ් අඩවි පිටුව ගවීෂණය කිරීමට මොහොතක් ගත කරන ලෙස ඔබ සැමට ආරාධනා කරමින්, පාසලේ උන්නතිය වෙනුවෙන් කැපවෙන සියලු දෙනාට කෘත වෙඩි ප්‍රණාමය පුද කරමි .

අරුණ ජයසේකර
නියෝජ්‍ය විදුහල්පති
මප/තෙල්/ගම්ඉම බණ්ඩාරණායක ම.වි. .