ගම්ඉම බණ්ඩාරනායක මහා විද්‍යාලය

නිර්මාතෘවරු

නව 1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් වීම

slide 1.png
slide 1.png
  • ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ දිස්ත්‍රක්කයේ මැදදුම්බර  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 761 මඩපොළ ග්‍රාම නිලධාරි  කොට්ඨාසයේ තුල ගම්ඉම නමැති ප්‍රදේශයේ අප පාසල පිහිටා ඇත .
  • අප විද්‍යාලයේ ආරම්භය පිළිබද ලිඛිත තොරතුරු සපයා ගැනීමට නොහැකි වන අතර බොහෝ දෙනාහේ මතය වන්නේ මෙම විද්‍යාලය ක්‍රි:ව 1944.01.15 දින ආරම්භ කළ බවයි. ලිඛිත තොරතුරු වශයෙන් අද වන විට ඉතිරිව ඇත්තේ ක්‍රි:ව 1947.12.12 දින  සිට පැවත එන ලොග් සටහන් පොත පමණි.
  • මෙම විද්‍යාලයේ මුල්ම විදුහල්පතිවරයා වුයේ එච්.එම්.පී.මල්ලව බණ්ඩාර මහතාය.
  • ඉඩම් හිමියන් විසින් පරිත්‍යාග කළ අක්කර 2 රුඩි 2 පර්චස් 2ක බිම් ප්‍රමාණයක පිහිටි මේම විද්‍යාලය ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 44ක් විය . 1948 ජනවාරි මස වන විට මෙම විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 105 කි. ලොග් සටහනට අනුව 1978 වන විට මෙහි ශිෂ්‍ය සංඛ්‍යාව 368 ක් වූ අතර ඇදුරු මඩුල්ල 17කි . වත්මන වන විට මෙම විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 400ට ආසන්න ප්‍රමාණයක් වන අතර ඇදුරු මඩුල්ල 45කි .
  • එදා  මෙදා තුර රටට දැයට වටිනා පුරවැසියන් බිහි කළ ගම්ඉම බණ්ඩාරනායක මහා විද්‍යාලය මැදදුම්බර පුරවරයේ දිදුලන කීර් තිමත්  විද්‍යාලයකි .♥